තමන් සේවය කරන පාසලටම සිය දරුවන් ඇතුළත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල ඊයේ(18) රාත්‍රියේ ගුරුවරුන් පිරිසක් රැය පහන් කර තිබෙනවා
ඔවුන් එලෙස රැඳී සිටින්නේ, තම ඉල්ලීම ජනපතිවරයාගේ අවධානයට ලක්වනතුරු බව ඔවුන් පවසනවා
ඔවුන් ඊයේ දහවල් කාලයේ පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි.
‘ගුරු දරුවෝ’ එකමුතුව විසින් මෙම පාගමන සංවිධානය කර තිබුණි.
