අවශ්‍ය ප්‍රමිතීන් සපුරා නොමැති අධ්‍යාපනවේදී උපාධි හිමි පුද්ගලයින් තවදුරටත් ගුරු සේවයට බඳවා නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
එමෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් පිරිනමනු ලබන අධ්‍යාපනවේදී උපාධිවල ප්‍රමිතීන් ඇගයීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න පවසන්නේ.
තවද, ඉදිරියේදී ගුරු පත්වීම් ලබාදීම සඳහා වලංගුවන්නේ ජාතික ප්‍රමිතීන්ට අනුකූල උපාධි පමණක් බව ඔහු අවධාරණය කළා.
