Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිලි සිලි බෑග් සඳහා බද්දක්

1 year ago

සුපිරි වෙළෙඳසල් ඇතුළු ව්‍යාපාරික ස්ථානවලින් සිලි සිලි මලු නිකුත් කිරීම පාලනය කිරීම සඳහා ඊට බද්දක් හෝ අධිභාරයක් නියම කරන ලෙස මුදල් අමාත්‍යාංශයට යෝජනා කළ බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා පවසයි.

සුපිරි වෙළෙඳසල්වලින් සිලි සිලි මලු නොමිලේ ලබාදීමක් සිදු කරන බවත්, ඊට මිලක් නියම කිරීම සිදුවනු ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (20 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශය,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළුව අමාත්‍යාංශ රැසක් සමග මේ සම්බන්ධව සාකච්ඡා පැවැත්වූ බවත්, පනත් ආදිය වෙනස් කර නීතිමය ප්‍රතිපාදන සලසා ගන්නා තුරු මෙම බද්ද හෝ අධිභාරය පැනවීම සම්බන්ධව යෝජනා කළ බවත් ඔහු කීවේය.

සිලි සිලි මලු සඳහා අවම මිලක් නියම කිරීමට පවතින නීතිමය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය.

මෙරට තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොවූවත් ලෝකයේ වෙනත් රටවල් තුළ එය ක්‍රියාත්මක වන බවද ලේකම්වරයා පැවසීය.

මේ වනවිට සුපිරි වෙළෙඳසල්වලින් නොමිලේ සිලි සිලි මලු නිකුත් කළද, ඔවුන් විසින් රෙදි බෑග් එකක් හඳුන්වාදී තිබෙන බවත්, එය අගය කරන බවත්, එවැනි කටයුතු ප්‍රවර්ධනය කළයුතු බවත් ඔහු කියා සිටියේය.