සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලිසිය මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.
පොලිස්පතිවරයා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නිකුත් කරන ලද නිල ලේඛනයක් ලෙස ව්‍යාජ අත්සන් සහ නම් සහිත මෙම ලිපිය, මහජනතාව නොමඟ යැවීම සඳහා සකසා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම ව්‍යාජ ලිපිය නිර්මාණය කිරීම සහ බෙදාගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් සොයාගැනීම සඳහා පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරය කරන ලද නිල නොවන තොරතුරු මගින් නොමඟ නොයන ලෙසයි.
සියලුම නිල පොලිස් නිවේදනයන් පිළිගත් මාර්ග හරහා පමණක් නිකුත් කරන බවට පොලීසිය වැඩිදුරටත් අවධාරණය කළා.
