බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා පැමිණ තිබෙනවා.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව අගෝස්තු මස 26 වෙනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
එහිදී ලබුණු වෛද්‍ය උපදෙස් මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක, ජගත් වීරසිංහ පැවසුවේය.
