නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපේක්ෂාව වන්නේ සියලු දරුවන්ට සමාන වූ අධ්‍යපාන ක්‍රමයක් සැකසීම බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණෙන ලෙස කළ දැනුම් දීමකට අනුව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් රැසක නියෝජිතයින් පිරිසක් ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයට පැමිණියා.
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ ආරම්භ වූ සාකච්ඡාවේදී මොඩියුල් සම්බන්ධයෙන් ද අවධානය යොමු වී තිබෙනවා.
