පොලිස් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් පිරිසක් සහකාර පොලිස් අධිකාරී (ASP) නිලයට උසස් කර තිබෙනවා.
ඒ, අනුව පොලිස් පරීක්ෂක, උප පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලධාරීන් 51 දෙනෙකුට මෙම උසස්වීම් හිමිව ඇති බව සඳහන්.
2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් මෙසේ උසස්වීම් ලද නිලධාරීන් අතර කාන්තා නිලධාරීන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 03 දෙනෙක්ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළා.
දැනට සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂකවරු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න නිලධාරීන් පිරිසක් මෙම සීමිත තරග විභාගයට මුහුණ දුන් බවයි වාර්තා වන්නේ.
