Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් වෑන් රථයක් ටිපර් රථයක ගැටීමෙන් බිහිසුණු අනතුරක්! පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මරුට! (ඡායාරූප)

1 year ago

කුලියාපිටිය විල පළ පාලම අසලදී පාසල් වෑන් රථයක් සහ වැලි පිරවූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි කුලියාපිටිය පොලිසිය පවසන්නේ.

ඒ අතර පාසල් වෑන් රථ රියදුරා ද සිටින බවයි වාර්තා වෙන්නේ.

තවත් පාසල් සිසුන් 13 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.