Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුර කුමාර රටට දුන් පොරොන්දුව

1 year ago

සෑම දෙනාටම නීතිය ඉදිරියේ සමාන සංස්කෘතියක් නිර්මාණය කිරීමට කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

නීතිය ඉදිරියේ සියලුදෙනා සමාන විය යුතු බවත් ධනය, බලය, තනතුරු ආදී කිසිවක් ඊට අදාළ නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

අරලියගහ මන්දිරයේ ඊයේ (26) පැවති ජාතික භික්ෂු දින සැමරුමට එක්වෙමින් ජනධිපතිවරයා මේ බව සඳහන් කළා.

“අපේ රටේ කවර හෝ දිනක අපරාධයකට හවුල් වී තිබෙනවා නම් කවර හෝ දිනයක දූෂණයකට හවුල් වී තිබෙනවා නම්, කවර හෝ දිනයක බලය යුතු ලෙස උපයෝගී කරගෙන තිබෙනවා නම්, කවර හෝ දිනක මහජනයාගේ ධනය රිසි සේ නාස්තිකොට තිබෙනවා නම් ඒ සෑම කෙනාම නීතිය හමුවට ගෙන එම සඳහා උපරිම ප්‍රයත්න දරනවා. පළිගැනීම නෙවෙයි, දඩයම් කිරීම නෙවෙයි මේ සමාජයට නීතිය යුක්තිය සාධාරණත්වය පිළිබඳව විශ්වාසයක් හදන්න ඕන.”