Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල්ගේ රෝගී තත්ත්වය හෙළිකළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට වැඩ වරදී

1 year ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා පවසනවා.

ඔහු අද මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ඔහුට අයත් නොවන කාරණයක් කර ඇති බවයි.

රෝගියකුගේ තොරතුරු වෙනත් පිරිසක් අතට පත් කිරීම වෛද්‍ය ආචාර ධර්මවලට මෙන්ම නීතියට ද පටහැනි බව විජේමුනි මහතා පැවසුවා.

ඔහු පැවසූ ඇතැම් කරුණු සාවද්‍ය බව ද හංසක විජේමුනි මහතා පැවසුවා.