Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය නිළධාරීන් පිරිසකගේ අතිකාල දීමනා ඉහළ නංවමින් නව චක්‍රලේඛයක්

1 year ago

හෘද පෙනහළු නිවේෂක නිලධාරීන්ගේ අතිකාල දීමනා ඉහළ නංවමින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව පළමු ශ්‍රේණියේ හෘද පෙනහළු නිවේෂක නිලධාරීන්ට පැයකට ලබාදුන් අතිකාල දීමනාව රුපියල් 456 ක් දක්වා රුපියල් 151කින් ඉහළ නංවා ඇත.

දෙවැනි ශ්‍රේණියේ නිලධාරීන්ට පැයකට ලබාදෙන අතිකාල දීමනාව රුපියල් 65 කින් ඉහළ දමා ඇති අතර ඔවුන්ට පැයකට ලබාදෙන මුදල, රුපියල් 320කි.

වැඩිකළ දීමනා, පසුගිය අප්‍රේල් පළමු වැනිදා සිට ක්‍රියාත්මක අතර සංශෝධිත හිඟ වැටුප්, සැප්තැම්බර් මස වැටුපට එක් කරන බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේය.