Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලබන අයවැයෙන් අවුරුදු 35ට වැඩි පුද්ගලයින්ට නොමිලේ ලැබෙන දේ

1 year ago

වයස අවුරුදු 35 ට වැඩි සෑම පුද්ගලයෙකුටම තමන්ට තිබෙන රෝග හඳුනාගැනීම සඳහා පරීක්ෂණයක් කර ගැනීමට පැකේජයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.

ඒ අනුව, මෙම පැකේජය හඳුන්වා දීම සඳහා ඉදිරි අයවැයෙන් මුදල් වෙන් කිරීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ පැකේජය හරහා රජයේ රෝහලකින් පරීක්ෂණ කරවා ගත හැකි බවත්, අවශ්‍ය නම් පෞද්ගලික රෝහල්වලටද මෙම අවස්ථාව ලබා දීමට හැකියාව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.