Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි නව අධ්‍යාපන ක්‍රමයක්

1 year ago

සමානත්මභාවයෙන් හා ගුණාත්මකභාවයෙන් පිරි සියලු දරුවන්ට ප්‍රවේශ විය හැකි නව අධ්‍යාපන ක්‍රමයක් ගොඩ නැගීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  පවසයි. 

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව සමඟ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.

ලංකා සභා කොළඹ දියෝකීසියයේ රදගුරු අධ්‍යාපන උපදේශක කමිටුව සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර පැවැති විශේෂ සාකච්ඡාවේදී ඇය මේ බව පැවසුවාය.

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ගැණුන අතර උපදේශක කමිටුව, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිය යෝජනා ද අග්‍රාමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.