Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද සිට සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක විශේෂ වැඩසටහන

1 year ago

රාජ්‍ය ආය­ත­න­වල ගොඩ­ගැසී ඇති අන­වශ්‍ය දෑ ඉවත් කිරීම සහ සංවි­ධිත බව පව­ත්වා­ගෙන යෑම සඳහා ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩ­ස­ට­හ­නට සම­ගා­මීව ක්‍රියා­ත්මක කරන (සෙයිරි සතිය) අදින් (01) ආරම්භ වනවා.

සියලු රාජ්‍ය ආය­ත­න­වල අද (01) සිට ලබන 4 දා දක්වා සෙයිරි සතිය ක්‍රියා­ත්ම­කයි.

සෙයිරි යනු ඵල­දා­යි­තාව පිළි­බඳ පංච­විධ සංක­ල්ප­යට අනුව සංවි­ධිත බවයි.

අවශ්‍ය දෑ සහ අන­වශ්‍ය දෑ හඳුනා ගැනීම හා අන­වශ්‍ය දේ බැහැර කිරීම එහි අර­මුණ වනවා.

ඒ අනුව සෑම ආය­තන ප්‍රධා­නි­යකු විසින්ම මෙම සතිය තුළ සෑම දින­කම උදේ වරුවේ පැය දෙකක කාල­යක් ආය­ත­නයේ ගොඩ­නැ­ඟිලි ඇතු­ළත පිටත සහ ගොඩ­නැ­ඟි­ලි­ව­ලින් බාහිර පරි­ස­රය මනාව පවත්වා ගැනී­මට කට­යුතු කළ යුතු බව රාජ්‍ය පරි­පා­ලන අමා­ත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පවසනවා.

මේ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කළ යුතු ආකා­රය සහි­තව ලේක­ම්ව­ර­යාගේ අත්ස­නින් විශේෂ චක්‍ර­ලේ­ඛ­යක් ද නිකුත් කර තිබෙනවා.