Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්‍රං මිල යළිත් ඉහළට

11 months ago

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ.

අද (12) වනවිට ලෝක රන් මිල ඩොලර්  4,266 දක්වා ඉහළ ‍ගොස් ඇත.

මෙරට රත්‍රං මිල ඊයේ (11) දිනයට සාපේක්ෂව රුපියල් 3,000කින් අද (12) දිනය වනවිට ඉහළ ගොස් ඇත.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 312,000ක් ලෙසත් “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 339,000ක් ලෙසත් දැක්වුණි.