Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

arrack

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු ඉහළට

11 months ago

අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මත්පැන් බලපත්‍ර ගාස්තු 100% කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව වාර්ෂික සුරාබදු ගාස්තුව, ආරක්ෂිත ඇප තැන්පතු මුදල, කර්මාන්ත ප්‍රවේශය සඳහා එක්වරක් අයකරනු ලබන ගාස්තුව ඉහළ දමා ඇත.

මත්පැන් බලපත්‍ර සංශෝධනයේදී ආරක්ෂිත ඇප තැන්පතු ගාස්තුවල යම් වෙනසක් තිබෙන්නේ නම් එය ගෙවිය යුතු බවද නිවේදනය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025.12.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මෙසේ මත්පැන් බලපත්‍ර ගාස්තු වැඩිකර ඇත.

ඒ අනුව ඉස්කාගාර බලපත්‍ර, රා බෝතල් කිරීමේ බලපත්‍රය, විනාකිරි නිෂ්පාදන බලපත්‍ර, වයින් නිෂ්පාදනය, බෝතල් ගත කිරීම, විකිණීම සඳහා දෙන බලපත්‍රය මත්පැන් සඳහා තොග බලපත්‍රය ඇතුළු සියලුම වර්ගයේ සුරාබදු සියයට සියයක සිට විවිධ ප්‍රතිශතවලින් වැඩිවී ඇති බව සඳහන්.