Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණු මුදල් ප්‍රමාණය ගැන හෙළිදරව්වක්

11 months ago

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පුරවැසියන් සඳහා අරමුදල් රැස් කිරීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට රුපියල් මිලියන 3,421ක් ඉක්මවූ  මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

මෙම ආධාර මුදල් පරිත්‍යාග කර ඇත්තේ ලෝකය පුරා රටවල් 40ක සිටින පුරවැසියන්, ශ්‍රී ලාංකිකයින් සහ ශ්‍රී ලාංකික සහ විදෙස් ආයතන වන බවයි මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.