Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩගැනීමේ වගකීම හිටපු කෙනෙක්ට යළි භාරදෙයි

11 months ago

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

එමෙන්ම එම කාරක සභාවේ සෙසු සාමාජිකයින් ලෙස ඉන්දික ද සේරම්, තරංග පරණ විතාන, විනෝතන් ජෝන් සහ රසාංජලි ද අල්විස් යන මහත්ම මහත්මීන් පත් කර ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා නීතියේ 39 -1 වගන්තිය ප්‍රකාරව සහ 2437/24 2025 මැයි 21 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම පත් කිරීම සිදු කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.