Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාස 21කට පසු රුපියල හොඳටම බාල්දු වෙයි

11 months ago

මාස ගණනාවකට පසුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල රුපියල් 313.29ක් වශයෙන් සටහන්ව ඇත.

ඒ අනුව මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව එහි ගැනුම් මිල දැක්වුණේ රුපියල් 305.68ක් වශයෙන්.

එසේම අවසන් වරට අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313 සීමාව ඉක්මවා ගොස් තිබුණේ, ඉකුත් වසරේ මාර්තු මාසයේදී බව වාර්තා වේ.

මේ අතර මුල්‍ය විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ ආනයන වියදම් ඉහළ යාම සහ ඩොලරයට පවතින ඉල්ලු‍ම වැඩිවීම මීට හේතුවී ඇති බවයි.