Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙන්නප්පුවේදී විෂ මත්පැන් සිද්ධියේ මරණ ගණන ඉහළට

11 months ago

වෙන්නප්පුව – වයික්කාල, තඹරවිල ප්‍රදේශයේ විෂ මත්පැන් පානය කිරීමෙන් පුද්ගලයින් හය දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ එම නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයා බව කියන පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දංකොටුව ප්‍රදේශයේදීයි.

ඔහුගේ බිරිඳ ද ඊයේ දිනයේදී දංකොටුව ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගෙන තිබුණා.

එමෙන්ම මියගිය පුද්ගලයින්ට එම නීති විරෝධී මත්පැන් අලෙවි කළ කාන්තාව ද අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කෙරුණේ.

එමෙන්ම විෂ මත්පැන් පානය කිරීමෙන් රෝහල් ගත කළ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ වන විට මරණ ගණන 06 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.