Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකුට අධිකරණයෙන් දුන් නියෝගය

11 months ago

කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි නන්ද කුමාර් තක්ෂි සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා අද (07) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවට පමුණුවනු ලැබීය.

ඉන් අනතුරුව සැකකරුවන් ජනවාරි මස නව වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.