හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි.
2016 වසරේ ඔහු අමාත්‍ය මණ්ඩලයේ සේවය කළ කාලසීමාව තුළ සිදුවූ බව කියන ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලකට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට සහාය වීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බව වාර්තා වේ.
එම ගොඩනැගිල්ල ලබා ගැනීමේදී සිදුවූ බව කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන් කරුණු විමසීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
