Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය

11 months ago

ඉකුත් දිනවල පැවති ආපදා හමුවේ නවතා දමා තිබූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය අද (07) සිට යළිත් ධාවනයට එක් කර තිබෙනවා.

මෙහිදී එම දුම්රිය සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

තවද පුලතිසි නගරාන්තර අනිද්දා සිට සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ලැබෙන මගී ඉල්ලු‍ම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ.