Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධ්‍යාපන අමාත්‍ය හරිනිට එරෙහි විශ්වාසභංගයේ වත්මන් තත්ත්වය

11 months ago

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහි විශ්වාසභංග යෝජනාවට මේ වන විට විරුද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනකුට ආසන්න පිරිසක් අත්සන් කර ඇති බවත් අද(08) දිනයේත් තවත් පිරිසක් අත්සන් කිරීමට නියමිත බවත් විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කරනවා.

අධ්‍යාපන අමාත්‍ය ,අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව හෙට (09)දින කතානායක ජගත් වික්‍රමරත්න මහතාට භාරදීමට නියමිත බවද මන්ත්‍රවරයා ප්‍රකාශ කළා.

වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනයට අනිසි බලපෑම් රැසක් එල්ල වන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය තීරණය කළ අතර ඊට අත්සන් තැබීම ඊයේ(07) දින පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.