Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 07 කට එරෙහි නඩුව යළි කැඳවන දිනය

10 months ago

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින්, රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව ගොනු කර තිබූ නඩුව, විභාගය සඳහා ජනවාරි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

එදිනට සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියම කර තිබෙනවා.

2014 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සහ ජනවාරි මස 26 වැනිදා අතර කාලසීමාව තුළ, ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110 ක මුදලක් අනීතික ලෙස වැය කිරීම තුළින්, රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින්, එවක ඛනිජ තෙල් විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 05 ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.