Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් සහ පුත්‍රයන් දෙදෙනා අද යළි අධිකරණයට

10 months ago

සතොස ආයතනයට අයත් රථවාහන අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා අද (09) යළි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කර රජයට මූල්‍යමය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගැනුණි. ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබුණි.

අදාළ ලොරි රථය හිටපු අමාත්‍යවරයාට අයත් බව කියන එතනෝල් සමාගමක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට කූඨ ලේඛන සකස් කර දුන් බවට සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වන ඉන්දික රත්නමලල මහතාට ද චෝදනා එල්ල වී ඇත.

අත්අඩංගුවට ගෙන සිටින ඔහු ද අද දිනයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමඟ යළි අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.