Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියා තැබූ ගින්නෙන් තවත් ජීවිතයක් අහිමි වෙයි! ගලෙන්බිදුණුවැව ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 4 දක්වා ඉහළට!

10 months ago

අනුරාධපුර, ගලෙන්බිදුණුවැව පඩිකාරමඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් සිය නිවසටම ගිනි තැබීමෙන් සිදුවූ අනතුරින් බරපතළ තුවාල ලබා සිටි 15 හැවිරිදි දියණිය ද අද (10) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස මියගොස් ඇති අතර, ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය මුළු සංඛ්‍යාව 4 දක්වා ඉහළ ගොස් ඇත.

පසුගිය 06 වනදා රාත්‍රියේ සිදුවූ මෙම බිහිසුණු ගිනි තැබීමෙන් එම අවස්ථාවේදීම 43 හැවිරිදි පියා සහ ඔහුගේ 13 හැවිරිදි බාල දියණිය මියගොස් තිබුණි. බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ 36 හැවිරිදි මව ද එදිනම පස්වරුවේ ජීවිතක්ෂයට පත්විය.

මෙම ගින්නට හසුවූ එම පවුලේම 20 හැවිරිදි පුත්‍රයා සහ 66 හැවිරිදි නැන්දණිය තවමත් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.