Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බෝඩිං කාමරයක සිටි තරුණයෙක්ට දිවි අහිමි කළ බියගමදී සිදු වූ අපරාධය

10 months ago

බියගම, ගැමුණු මාවත ප්‍රදේශයේ කුලී පදනම මත රැඳී සිටි 30 හැවිරිදි තරුණයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.

ඊයේ (09) රාත්‍රී කාලයේදී සිදු වූ මෙම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙය ඉතා සූක්ෂම ලෙස සැළසුම් කරන ලද ඝාතනයක් බවයි. මියගිය පුද්ගලයා නවාතැන්ගෙන සිටි කාමරය ඉදිරිපිට නවතා තිබූ ඔහුගේ ත්‍රීරෝද රථයට කිසියම් පිරිසක් ගිනි තබා ඇත.

රථය ගිනි ගන්නා බව දැක එය නිවීමට කාමරයෙන් ඉවතට පැමිණි අවස්ථාවේදී, මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් ඔහුට පහරදී පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි, රැකියාව සඳහා බියගම ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි අයෙකි. මෘත ශරීරය මේ වන විට මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෙම ඝාතනයට හේතුව හෝ ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.