Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්ද්‍රව්‍ය ළඟ තබාගත්තැයි නිතීඥවරයකු ඇතුළු පහක් දැලේ

10 months ago

කොකේන් නමැති මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි බව කියන නීතිඥවරයෙක් සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයින් සිව් දෙනෙකු මිරිස්ස ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකාර නීතිඥවරයා කොළඹ අලුත්කඩේ අධිකරණයේ නීතිඥවරයෙකු ලෙස කටයුතු කරන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.

සැකකාර නීතිඥවරයා සිය මිතුරන් සිව් දෙනකු ද සමග විවේකයක් ගත කිරීම සඳහා මිරිස්සට පැමිණ හෝටලයක නවාතැන් ගෙන ඇති බවත් එහිදී පොලිසියට ලැබුණ තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් ගොස් එම හෝටලය පරීක්ෂා කළ අවස්ථාවේ සැකකාර නීතිඥවරයා ළඟ තිබී කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 860 ක් සොයා ගත් බව පොලිසිය පවසනවා.

ඒ අනුව කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නීතිඥවරයා ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.