Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගසක් කඩා වැටී ත්‍රිරෝද රථ දෙකකට හානි

10 months ago

හමා ගිය තද සුළඟකින් කන්තලේ රෝහල ආසන්න මාර්ගයේ වාහන නැවතුමේ  තිබූ ත්‍රීරෝද රථ දෙකක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් ත්‍රිරෝද රථ දෙකකට  හානි සිදුවූ බව කන්තලේ මූලස්ථාන පොලිසිය කියයි .

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථවලින් පැමිණි පිරිස් නේවාසික රෝගීන් බැලීම සඳහා ගොස් තිබූ නිසා පුද්ගල අනතුරු කිසිවක් සිදු නොවූ බව පොලිසිය පැවසීය.

මේ නේවාසික රෝගීන් බැලීම සඳහා පැමිණි වාහන රැසක් එම ස්ථානයේ නවතා තිබූ අතර ත්‍රිරෝද රථ දෙකකට පමණක් මෙම හානිය සිදුවී තිබේ.