Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

keheliya rambukwella - කෙහෙළිය රඹුක්වැල්ල

කෙහෙළිය ඇතුළු සිවිදෙනෙකුට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

10 months ago

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළේය.

මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව යළි කැඳවීමට දින නියම කරන ලදී.

නඩුවට අදාළ විත්තිකරුවන්:

  • හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
  • රමිත රඹුක්වැල්ල (පුත්‍රයා)
  • අමාලි නායනිකා රඹුක්වැල්ල (දියණිය)
  • නිපුනි ක්‍රිෂ්ණජිනා (සේවිකාවක)

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ, සිය පෞද්ගලික කාර්යමණ්ඩලය සඳහා පිටස්තර පුද්ගලයින්ගේ නම් ඇතුළත් කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම පුද්ගලයින්ට හිමි වැටුප් හා දීමනා තමන්ගේ බැංකු ගිණුම්වලට බැර කරගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

පසුගිය නඩු වාර වලදී විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා භාර දී ඇති අතර, ඔවුන් මේ වන විට අධිකරණය විසින් ඇප මත මුදා හැර සිටියි.