Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීන විදේශ අමාත්‍යවරයා හා අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

10 months ago

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (12) පෙරවරුවේ පැවැත්වුණි.

දකුණු අප්‍රිකානු සංචාරය නිමවා යළි චීනය බලා යන අතරවාරයේ අද අලුයම දිවයිනට පැමිණි චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු 17 දෙනෙකුගෙන් යුත් උසස් රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස මෙම හමුවට එක්ව සිටියහ.

මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.මෙරට ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් චීන රජය ලබාදීමට නියමිත සහනාධාර සහ සහයෝගිතාව පිළිබඳව වන්ග් යී මහතා මෙහිදී නිල වශයෙන් දැනුම් දුන්නේය.

මෙම කෙටි සංචාරය නිමා කරමින් චීන විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිස අද පෙරවරු 10.30 ට පමණ යළිත් චීනය බලා පිටත්ව ගියහ.