දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව පවසමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (12) රාත්‍රී 11.00 දක්වා වලංගු වේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව පහත පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී:
- බස්නාහිර පළාත
- වයඹ පළාත
- සබරගමුව පළාත
- ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහනේ රැඳී සිටීමෙන් වැළකී සිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම ඇතුළු අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
