Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

school children

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමයෙන් නිවේදනයක්

10 months ago

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හුදු දේශපාලන ප්‍රශ්නයක් බවට පත් නොකර, එය ජාතික වගකීමක් ලෙස සලකා ධනාත්මකව ඉදිරියට ගෙන යාමට සියලු පාර්ශ්වයන් එක් විය යුතු බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය අවධාරණය කරන්නේ, මෙම ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය දායකත්වය සහ සාධනීය යෝජනා ලබා දීමට තමන් සූදානම් බවයි.

ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට එල්ල වන ඇතැම් විවේචන විද්‍යාත්මක කරුණු මත නොව, කෙටි කාලීන දේශපාලන අරමුණු මත පදනම් වී ඇති බව සංගමය පෙන්වා දෙයි. අධ්‍යාපනය දේශපාලන සටන් බිමක් බවට පත් කිරීමෙන් පක්ෂවලට නොව, රටේ අනාගත පරපුරට බරපතල හානියක් සිදුවන බව එම නිවේදනයේ සඳහන් වේ.

එබැවින්, නව ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාජය තුළ පවතින අනියත බිය හෝ සැක පදනම් විරහිත බවත්, ජනතාව ඒ පිළිබඳව කලබල විය යුතු නැති බවත් සංගමය පවසයි.

ලෝක සම්මත ක්‍රමවේදයන්ට අනුව අවම වශයෙන් වසර 8කට වරක්වත් විෂයමාලා යාවත්කාලීන විය යුතු වුවද, ශ්‍රී ලංකාවේ එම ක්‍රියාවලිය වසර 10කට අධික කාලයක් තිස්සේ නිසි ලෙස සිදු වී නොමැති බව සංගමය අනාවරණය කරයි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස:

  • දරුවන්ගේ තාර්කික චින්තනය දුර්වල වීම.
  • නිර්මාණශීලීත්වය සහ ගැටලු විසඳීමේ හැකියාව හීන වීම.
  • ශ්‍රම වෙළඳපොළේ අවශ්‍යතාවලට නොගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය වීම.

තාක්ෂණික පරිවර්තනයන් සහ සමාජයීය අභියෝග හමුවේ පැරණි විෂයමාලා තවදුරටත් පවත්වාගෙන යාම දරුවන්ගේ අනාගතයට බාධාවක් බව පෙන්වා දෙන සංගමය, වත්මන් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සිය ස්ථාවරය මෙසේ පැහැදිලි කරයි:

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගන්නා සෑම තීරණයක්ම දරුවන්ගේ අනාගතය සහ රටේ දිගුකාලීන සංවර්ධනය පමණක් ඉලක්ක කරගත යුතු බව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් අවධාරණය කර සිටී.