අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව ජනවාරි 22 සහ 23 යන දිනවල විවාදයට ගැනීමට රජය තීරණය කර තිබේ.
අද (13) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව තහවුරු කළේය.
මෙම විශ්වාසභංග විවාදය හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පවතින සැබෑ තත්ත්වය ජනතාවට පැහැදිලි කිරීමට අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විවාදය සඳහා දින: ජනවාරි 22 සහ 23
විපක්ෂයට අවශ්‍ය වන්නේ නම් විවාදය සඳහා තවත් දින ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.
ප්‍රශ්නගත 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන කරුණු පදනම් කරගනිමින් විපක්ෂය මෙම විශ්වාසභංගය ගෙන ඒමට සූදානම් වේ. කෙසේ වෙතත්, මෙම විවාදය රජයට එල්ල වන අසත්‍ය චෝදනාවලට පිළිතුරු දීමට ලැබෙන වේදිකාවක් ලෙස භාවිතා කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
