කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද වැරදි නිවැරදි කරන්නේ නම්, තමන් වහන්සේ සමාව දීමට සූදානම් බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසති.
අද (13) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ
එහිදී අදහස් දැක්වූ ධම්මරතන හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ ලාල් කාන්ත අමාත්‍යවරයා සම්බන්ධයෙන් අදාළ දේශපාලන පක්ෂය විසින් සුදුසු විනය ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
එමෙන්ම, මේ දිනවල තමන් වහන්සේ ඉලක්ක කරගනිමින් අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මකව මඩ ප්‍රචාර දියත් වෙමින් පවතින බවත්, එවැනි ප්‍රහාර හමුවේ තමන් කිසිසේත් පසුබට නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
මීට වසර එකහමාරකට පමණ පෙර තමන් වහන්සේ විසින් මෙරට තුළ ව්‍යාප්ත වන නිරාගමික රැල්ල සහ සමලිංගික ක්‍රියාවන් පිළිබඳව අනතුරු ඇඟවීමක් කළ බව සිහිපත් කළ හිමියන්, වර්තමානය වන විට රට තුළ සිදුවෙමින් පවතින්නේ තමන් එදා පුරෝකථනය කළ දේම බව පෙන්වා දුන්හ.
