පුත්තලම, අට්ටවිල්ලුව ප්රදේශයේදී ඊයේ (13) රාත්රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදි දෙකක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා වහාම පුත්තලම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
එක් පැදිකරුවෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් මියගොස් සිට ඇත.
අනෙක් පැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවීමේදී අතරමගදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදිවල පසුපස ගමන් කළ පුද්ගලයින් දෙදෙනාද තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වන විට පුත්තලම රෝහලේ ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
අනතුර සිදුවීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
පුත්තලම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
