Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නීතිඥ මනෝජ් නානායක්කාරට හිමි වූ නව තනතුර

10 months ago

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කර තිබේ.

1957 අංක 13 දරන බාලදක්ෂ පනතේ විධිවිධාන ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දෙනු ලැබීය.

1989 වර්ෂයේදී පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයීය පළමුවන හෝමාගම බාලදක්ෂ කණ්ඩායමට කනිෂ්ඨ බාලදක්ෂයෙකු ලෙස එක්වෙමින් මනෝජ් නානායක්කාර මහතා සිය බාලදක්ෂ ගමන්මග ආරම්භ කළේය.

මෙරට බාලදක්ෂ ව්‍යාපාරය තුළ ඒ මහතා හොබවා ඇති ප්‍රමුඛ තනතුරු කිහිපයක් පහත දැක්වේ:

  • බාලදක්ෂ දිසා කොමසාරිස්වරයෙකු ලෙස කටයුතු කිරීම.
  • බාලදක්ෂ දිසා පුහුණු කිරීමේ මණ්ඩලයේ සභාපති ධුරය දැරීම.
  • ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ නීති උපදේශක ලෙස කටයුතු කිරීම.
  • ජාතික මානවක සමුළුවේ සහ ජාතික කබෝරියේ (National Cuboree) සංවිධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීම.

ජාතික මට්ටමේ ප්‍රධාන බාලදක්ෂ වැඩසටහන් රැසක් මෙහෙයවා ඇති ඒ මහතා, මෙරට බාලදක්ෂ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ නිලධාරියෙකු ලෙස ප්‍රකටය.