අද (14) දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සහ අවම උෂ්ණත්වය වාර්තා වූ ප්‍රදේශ පිළිබඳ දත්ත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, අද දිනයේ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6 ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.
එමෙන්ම, දිවයිනේ අවම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 20.0 ක් නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

