කොළඹ: නව තානාපතිවරුන් තිදෙනෙකු, නව මහ කොමසාරිස්වරයෙකු සහ අමාත්‍යාංශ ලේකම්වරයෙකු පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම නාමයෝජනා ස්ථිර කර ඇත.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලද නව පත්වීම් මෙසේය.
- මැලේසියාව: නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස දර්ශන මහේන්ද්‍ර පෙරේරා මහතා.
- ස්විට්සර්ලන්තය: නව ශ්‍රී ලංකා තානාපති සහ ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත ලෙස දසනායක මුදියන්සේලාගේ සුමිත් ප්‍රියන්ත දසනායක මහතා.
- ඔස්ට්‍රියාව: නව ශ්‍රී ලංකා තානාපතිනිය සහ නිත්‍ය නියෝජිතවරිය ලෙස දයානි මෙන්ඩිස් මෙනවිය.
- රුමේනියාව: නව ශ්‍රී ලංකා තානාපති ලෙස සමන්ත ප්‍රියදර්ශන වීරසිංහ පතිරණ මහතා.
රාජ්‍ය තාන්ත්‍රික පත්වීම්වලට අමතරව, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා පත් කිරීම සඳහා ද කාරක සභාවේ අනුමතිය හිමිවී ඇත.
