Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

“පිටිපන කොත්තුවා” අත්අඩංගුවට

10 months ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහ එගොඩගේ නිමේෂ් රන්දික පෙරේරා හෙවත් “පිටිපන කොත්තුවා” නැමැත්තා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 17,830ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20,320ක් පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇත්තේ පොලිස් ස්ථාන මගින් වැටලීම සඳහා පැමිණීමේදී වැටලීම් සිදු කිරීමට අපහසුවන පරිදි නිවසට පැමිණෙන මාර්ගයේ සහ ඒ අවට ප්‍රදේශ ආවරණය වන පරිදි CCTV කැමරා පද්ධති සවි කරමින් වන අතර නිලධාරීන්ට නිවස පිහිටි භූමියට ඇතුල්වීමට නොහැකි වන පරිදි උස් දැල් ආවරණයක්ද, නිවස පරීක්ෂාව වැළැක්වීම සඳහා ප්‍රචණ්ඩකාරීව හැසිරීමට පුහුණු කරන ලද දරුණු ගණයේ සුනඛයින් ද යොදා ගනිමිනි.

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “හඳයා” නැමැත්තාගේ අයිස් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “ආමි අසංග” ට අයත් හෙරොයින් මත්ද්‍රව්‍ය, හෝමාගම ප්‍රදේශය තුළ තොග සහ සිල්ලර ලෙස අලෙවි කිරීම සැකකරු විසින් සිදු කර ඇති බව අනාවරණය වී ඇත.

සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදීම මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරු වූ අයෙකු බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි. සැකකරු සහ සොයාගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා හෝමාගම පොලිසිය වෙත භාර දී ඇති අතර, රඳවා ගැනීමේ නියෝග මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.