Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරමැදිරියක සිටි රැඳවියෙක් හදිසියේම මියයයි

10 months ago

හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ සිරමැදිරියක රඳවා සිටි රැඳවියෙකු හදිසියේ රෝගාතුරව රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව ගිනිපෙට්ටි පාලම අසල පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා මින්නේරිය පොලිස් වසමේ සිදු වූ බුදුපිළිම සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව වරෙන්තු ලබා සිටි අයෙකි. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප නියම වී තිබුණ ද, ඇප වීමට ඉදිරිපත් වීමට කිසිවෙකු නොමැති වීම හේතුවෙන් ඔහුව පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තබා තිබුණි.

ඊයේ (14) පෙරවරුවේ අදාළ නඩුව සඳහා ඔහුව පොළොන්නරුව බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ අධිකරණය වෙත රැගෙන විත් ඇති අතර, අධිකරණ සිරමැදිරිය තුළ රැඳී සිටියදී ඔහු හදිසියේම රෝගාතුර වී තිබේ.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගත්ත ද, රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වාර්තා වේ.

හිඟුරක්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.