Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හමුදා විරුවන් ඉටුකළ මෙහෙවර

10 months ago

සමනොළ ගිරි සිරස වන්දනා කරන්නට යන බැතිමතුන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වන අසීරුතම ඉසව්ව “මහගිරිදඹයි”.

පසුගිය දිනවල ඇදහැලුණු දැඩි වර්ෂාවත් සමඟ, ඉඳිකටුපාණ ආසන්නයේ මහගිරිදඹ ප්‍රදේශය නායයෑමකට ලක්වූයේ බැතිමතුන්ගේ ගමන්මඟ අවහිර කරමින්.

සොබාදහමේ ඒ අභියෝගය හමුවේ නොසැලී නැගී සිටි යුද හමුදා සාමාජිකයින් එම මාවත නැවතත් සුරක්ෂිත පුදබිමක් බවට පත්කර තිබෙනවා.

මෙම ප්‍රතිසංස්කරණයේ තිබූ අසීරුතම අභියෝගය වූයේ ඉදිකිරීම් ද්‍රව්‍ය ප්‍රවාහනයයි.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක වුණා.

රජමාලේ පිවිසුමේ සිට කිලෝමීටර් 4.5ක් දුරට, අඩි දහස් ගණනක් උසැති බෑවුම් සහිත දුෂ්කර මාවත දිගේ සිමෙන්ති කොට්ට, වැලි සහ යකඩ බර කරට ගත් හමුදා විරුවන් 3,130 දෙනෙකු “මිනිස් දම්වැලක්” සේ පෙළ ගැසී සිමෙන්ති කොට්ට 132ක් සහ අනෙකුත් අමුද්‍රව්‍ය මහාගිරිදඹ දක්වා කරින් රැගෙන යාම සිදු කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) මඟපෙන්වීම යටතේ, නායගිය කොටස ස්ථාවර කිරීම සඳහා හානියට පත් වූ පියගැටපෙළ කොටස් Dowel යොදා පාදක පාෂාණයට සම්බන්ධ කර (Random Rubble Masonry) ක්‍රමය ඔස්සේ ශක්තිමත්ව නැවත ඉදිකිරීම, ජලය ගලා යාම පාලනය කිරීම සඳහා මිලිමීටර් 300ක් උසැති අතුරු බැමි මෙන්ම, මඩ ප්‍රවාහයන්ගෙන් මාර්ගය ආරක්ෂා කිරීමට මිලිමීටර් 500ක ආරක්ෂිත බැම්මක් ඉදිකිරීම, පාෂාණ සන්ධි අතරින් ජලය කාන්දු වීම වැළැක්වීම සඳහා විශේෂිත සිමෙන්ති මිශ්‍රණයක් (Non-shrink cement grout) යොදා මුද්‍රා තැබීම, මාර්ගයට ඉහළින් අවදානම් සහගත ලෙස රැඳී තිබූ පඳුරු සහ ලිහිල් පස් තට්ටු ඉවත් කර මාර්ගයේ ආරක්ෂාව තහවුරු කිරීම ආදී ආරක්ෂිත පියවර මෙහිදී ක්‍රියාත්මක කර තිබෙනවා.

2025 දෙසැම්බර් 10 දා ඇරඹි මෙම දුෂ්කර මෙහෙයුම, නොකඩවා දින 27ක් පුරා සිදුකෙරුණු අතර පසුගියදා (06) වන විට සාර්ථකව නිම කෙරුණා.

මේ වන විට මහගිරිදඹ මාවත බැතිමතුන් වෙනුවෙන් විවෘතව පවතිනවා.