යාපනය – මන්නාරම මාර්ගයේ තෙන්මරාච්චි, නාවට්කුලි ප්‍රදේශයේදී අද (15) අලුයම ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ කිළිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.
මියගිය අයගෙන් එක් අයෙකුගේ දේහය චාවකච්චේරි මූලික රෝහලේත්, අනෙක් තැනැත්තාගේ දේහය යාපනය ශික්ෂණ රෝහලේත් තැන්පත් කර ඇත.
චාවකච්චේරි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
