නිවසේ ඇති වතුර මෝටරය ක්‍රියාත්මක නොවීම නිසා එය පරීක්ෂා කරද්දී විදුලිසැර වැදුණු දොළොස් හැවිරිදි පාසල් සිසුවෙක් ඊයේ (14) රාත්‍රී කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව කින්නියා පොලිසිය පවසනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කින්නියා, කාකමුනේ පදිංචි හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.
වතුර මෝටරය ක්‍රියාත්මක කරද්දී අක්‍රීය වීම නිසා එය පරීක්ෂා කරද්දී සිසුවාට විදුලිසැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කින්නියා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
