Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තෙල් ගේන සිංගප්පූරු සමාගමෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලොකු පරිත්‍යාගයක්

10 months ago

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම්කරුවකු වන සිංගප්පූරුවේ ලියාපදිංචි සමාගමක් විසින් USD 10,000 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.

දේශය ගොඩනැගීමට සහාය දක්වන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලොව පුරා වෙසෙන තම සැපයුම්කරුවන් ගෙන් සිදු කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් මෙම ආධාරය ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කර තිබෙනවා.

ඊට අදාළ චෙක්පත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සහ කලමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර යන මහත්වරු විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාරදී තිබෙනවා.