Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අද කාලගුණ නිවේදනය

10 months ago

අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

කෙසේ වෙතත්, දිවයිනේ ප්‍රදේශ කිහිපයක උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක.වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

මීදුම් සහිත තත්ත්වය හේතුවෙන් මාර්ග තදබදය හෝ දෘශ්‍යතාව අඩුවීමක් සිදුවිය හැකි බැවින්, රියදුරන් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.