අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අත ළඟ තිබියදී බස්නාහිර පළාතේ කලාප හතක අධ්‍යාපන අධ්යක්ෂ තනතුරු සඳහා ස්ථානමාරු සිදුකිරීමට කටයුතු කරමින් ඇති බවට වාර්තාවේ.
එම තනතුරුවලට ස්ථාන මාරුවීම් සඳහා වූ කාල සීමාවක් නොමැති අතර බොහෝ විට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට එම තනතුරට පත්වීමට හැකි වන්නේ විශ්‍රාම වයස ආසන්නව තිබියදී ය.
එවැනි තත්ත්වයක් තුළ මෙලෙස අදිසි හස්තයන් මත මාරු කිරීමට සැරසෙන නිලධාරීන් අතරින් වැඩි දෙනා විශ්‍රාම ගැනීමට ආසන්න වයසේ පසුවන අතර ඉන් දෙනෙක් දැනමට රාජකාරි කරන ස්ථාන වැඩ බාරගෙන වසරත්වත් ගතව නැතැයිද වාර්තා වේ.
එම කෙටි කාලය තුළ තම කලාප වල අධ්‍යාපනය නංවාලීම වෙනුවෙන් අදාළ නිලධාරීන් මෙතෙක් කර ඇති කාර්යයන් හා ඉදිරි සැලසුම් මෙම දේශපාලන අවශ්‍යතා මත කරන්නට යන ස්ථානමාරු හේතුවෙන් කඩාකප්පල් වී පාසල් පද්ධතිය බිඳ වැටෙනු ඇතැයි ගුරු විදුහල්පති සංගම් කනස්සල්ල පළ කරයි.
මීට පෙර බාස්නාහිර පළාතේ පාසල්වල ගුරුවරුන් ට තමන් පාසලේදී උගන්වන දරුවන් වෙනුවෙන් මුදල් අයකර උපකාරක පංති පැවැත්වීම තහනම් කරමින් නිකුත් කෙරුණු චක්‍රලේඛය අවලංගු කිරීමට ද අනිසි බලපෑම් එල්ල වු බව නොරහසකි.
එවැනි තත්ත්වයක් තුළ මේ වන විට පාසල් කාල වේලාව තුළ ඉගැන්වීම් නිසි පරිදි සිදු නොකර තමන්ගේ පුද්ගලික උපකාරක පංති සඳහා සිසුන් ගෙන්වා ගැනීමට බලකරන ගුරුවරු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට වගකිම පැවැරී ඇත්තේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටය.
එම ක්‍රියාමාර්ග අකුර ඉටු කරමින් ඇති මෙම අධ්‍යක්ෂකවරුන් හදිසියේ මෙලෙස ස්ථානමාරුවිම් ලබා දිමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ක්‍රියා කරම්න් ඇත්තේ කාගේ අවශ්‍යතා සපුරාලිමටද යන්න විමසිය යුතුව ඇත.
මෙම නිලධාරීන් සත්දෙනාම සිය කලාපය තුළ දරුවන් හා මාපියන් පිඩාවට පත්විම වළක්වාලීමට උපරිමයෙන් මැදිහත්ව ඇති බව වාර්තාවේ.
