Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති නාගදීපය වැඳ පුදාගනී 

10 months ago

උතුරු පළාතේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද නාගදීප රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

නාගදීප විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයාව විහාරාධිපති, උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් පිළිගනු ලැබූහ. එහිදී ජනාධිපතිවරයා නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා ආශීර්වාද ලබාගත් බව වාර්තා වේ.

මෙම හමුවේදී මෑතකාලීනව දැඩි කතාබහට ලක්වූ යාපනය, තෛයිට්ටි තිස්ස විහාරය සම්බන්ධයෙන් ද අවධානය යොමුව ඇත. අදාළ විහාරස්ථානය පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බවට පදුමකිත්ති තිස්ස නාහිමියන් විසින් මෑතකදී කළ ප්‍රකාශයත් සමඟ මෙම සාකච්ඡාව විශේෂ වැදගත්කමක් ගෙන තිබේ.

උතුරු පළාතේ ආගමික සහජීවනය සහ පවතින ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී කෙටි අදහස් හුවමාරුවක් සිදුව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.