Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක සිර දඬුවම් නියම වෙයි

10 months ago

පුද්ගලයෙකුට පහරදී තුවාල සිදු කිරීම සහ කෲර ලෙස වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් වරදකරු වූ පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට මොනරාගල මහාධිකරණ විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා අද (16) නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ දැනට සියඹලාණ්ඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙකුටය.

අදාළ පොලිස් නිලධාරියා 2020 වර්ෂයේ හම්බේගමුව පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කර ඇති බව අධිකරණයේදී තහවුරු විය. ඒ අනුව වධහිංසා පැමිණවීමේ පනත යටතේ මොහුට එරෙහිව නඩු පවරා තිබුණි.

වසර 7ක සිර දඬුවමට අමතරව විනිසුරුවරයා විසින් විත්තිකාර පොලිස් පරීක්ෂකවරයාට පහත දඬුවම් ද නියම කරන ලදී:

රුපියල් 10,000 ක දඩයක්: එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්.

වින්දිත පුද්ගලයාට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙස ද නියෝග විය.